Saturday, June 21, 2014

සිරිකත


සිරිකත

ඔබගේ නිවෙසටත් වාසනාව, සැපත සම්පත කැන්දන වාස්තු ශිල්පීය ක්‍රම යොදා ගැනීමටත් ඒ තුළින් නිවෙස බලවත් කිරීමටත් ඔබ උනන්දු විය යුතුය. ඔබගේ නිවෙස සිරියාවන්ත සැපවත් නිවෙසක් කිරීමට හෝ පාළු මූසල පීඩිත තැනක් කරගැනීමත් ඔබගේම ක්‍රියා පිළිවෙත නිසා සිදුවන බව මතක තබා ගත යුතුය. ඇත්තටම එය සිදුවන්නේ ඔබ හට නිසි වාස්තු දැනුමක් නොමැති නිසාමයි. කිසිම කෙනෙක් තමන්ගේ නිවෙසට අවාසනාව ගෙන ඒමට කැමැති නොවනවා සේම නිවෙසට වාසනාව රැගෙන එන ශි්‍රයා කාන්තාව කැන්දා ගැනීමට සෑම කෙනෙක්ම කැමැති බව නොරහසකි. එසේ නම් වාස්තු ශිල්පීය පිළිවෙත් යොදාගෙන ඔබේ නිවෙසටත් ශි්‍රයා කාන්තාව කැන්දා ගන්න ඔබත් උත්සාහ කරන්න.

ඊසාන බලවත් කරන්න
ඔබගේ නිවෙසට සෞභාග්‍ය ළඟා කරගැනීමට නම් නිවෙසේ ඊසාන දිශාව නිසි ආකාරයට බලවත් කරගත යුතු වෙනවා. ඊසාන දිශාව අයත් වන්නේ දෙවියන්ට සහ දරුවන්ටයි. මේ නිසා ඔබේ ආගමික කටයුතු නිවෙසේ ඊසාන දිශාව තුළ ඉටු කිරීමෙන් දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇතිවී නිවෙසේ භව බෝග සම්පත් වැඩි වෙනවා.
ඔබ නිවෙසේ ඊසාන දිශාව නිවැරැදිව සොයා ගැනීම කළ යුතු වෙනවා. ඒ සඳහා ඔබ කළ යුත්තේ නිවෙසේ මධ්‍යයට ගොස් මාලිමාවක් භාවිත කොට නිවෙසේ ඊසාන දිශාව සහ අනෙකුත් දිශාවන් නිවැරැදිව තීරණය කිරීමයි. එසේම මතක තබාගත යුතු විශේෂ කාරණයක් තිබෙනවා. ඔබගේ ජංගම දුරකතනය සමඟ මාලිමාව භාවිත නොකිරීමට වගබලා ගත යුතුයි. එවිට මාලිමාවේ දිශාව නිවැරැදි නොවනු ඇත.

නිවැරැදිව ඊසාන දිශාව තීරණය කරගත් පසු එම දිසාව දෙවියන්ට කැපකිරීම සඳහා ඔබ බදාදා/සෙනසුරාදා දිනයකදී නිවෙස නිසි ලෙස පිරිසුදු කොට කහ දියර ඉස සුවඳ දුම් අල්ලා පිරිසුදු මැටි මුට්ටියකට ජලය ගෙන එය නිවෙසේ මධ්‍යයට ගෙන ගොස් හත් වතාවක් පෙරා එම ජලයට සඳුන්, කිරිපැණි සහ සමන්පිච්ච මල් බහා ඊසාන දිශාවේ ආගමික වතාවත් සිදුකරනු ලබන ස්ථානයේ තබා ජය පිරිත ඇතුළු තුන් සූත්‍රය සජ්ජායනා කොට තෙරුවන් නමැද ඊසාන දෙවියන්ට ඇතුළුව විෂ්ණු, කතරගම, විශ්වකර්ම, මය, විශ්වජිත් යන දෙවියන්ටද පින් අනුමෝදන් කොට නිවෙසට සෙත් පැතිය යුතුයි. ඉන්පසු කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරමින් එම පැන් බඳුනේ ජලය දෙහි අත්තකින් හෝ පොල් මල් කිනිත්තකින් දක්ෂිණාවෘත්තව නිවෙසේ සෑමතැනම ඉසිය යුතුයි. මෙය නොකඩවා සත් දිනක් කෙම්මුර දිනවල කිරීමෙන් ඔබේ නිවෙසේ ඊසාන දිශාව වඩාත් බලවත් වී නිවෙසට ඊසාන දෙවියන් ඇතුළු සියලු දෙවියන්ගේ ඇල්ම බැල්ම ඇති වී ශි්‍රයාකාන්තාව නිවෙසට වඩිනු ඇත. එසේම නිවෙසින් පිට ඊසාන දිශාවේ දේව වෘක්ෂ කොහොඹ ශාකය සිටුවීමෙන් ඊසාන දිශාව වඩාත් බලවත් කළ හැකිය. කොහොඹ ශාකය යනු දෙවියන් සඳහා වන ඇන්ටනාවක් ලෙස පෙන්වා දිය හැකිය.

බ්‍රහ්ම පාදය හා නිරිත
ඊසාන දිශාව බලවත් කිරීමට සමගාමීව ඔබගේ නිවෙසේ මධ්‍ය ලක්ෂ්‍යය හෙවත් බ්‍රහ්ම පාදය නිසි ලෙස බලගන්වා ගැනීම කළ යුතු වෙනවා. මේ සඳහා ගෘහ මූලිකයාගේ ජන්ම නැකැතට සරිලන ලෙස බ්‍රහ්ම පාදය සක්‍රිය කිරීමේ ක්‍රම ශිල්පයන් අනුගමනය කළ හැකි අතර පොදුවේ බ්‍රහ්ම පාදය මත කොහොඹ ලීයෙන් සාදන ලද කනප්පුවක් තබා පූජනීය පාත්‍රය ඒ මත වඩා හිඳුවීම තුළින් බ්‍රහ්ම පාදය සක්‍රිය කර ගත හැකිවේ. එසේම ඔබගේ ගෘහයේ නිරිත දිශාවද පිරිසුදුව සහ ක්‍රමවත්ව පවත්වා ගැනීම යහපත් වන අතර නිවෙස තුළ ආරෝග්‍ය සම්පත ආරක්ෂා වීමටද එය කදිම විසඳුමකි. නිවෙසින් පිටතට පරිශ්‍රයේ බෙලි හෝ දිවුල් පැළයක් සිටුවීම තුළින් නිරිත දිශාව වඩාත් බලවත් කළ හැකිය.

මේ ආකාරයට ඔබගේ ගෘහයේ ඉතා සංවේදී කලාප තුන වන ඊසාන දිශාව, බ්‍රහ්ම පාදය සහ නිරිත දිශාව නිසි ලෙස බලගන්වා ගැනීම තුළින් නිවෙසට ශි්‍රයා කාන්තාව කැන්දාගත හැකි අතර ධනය සහ සෞභාග්‍යය නිවෙසට නොඅඩුව ලැබෙනු ඇතැයි සෘෂි උතුමන් පෙන්වා දී ඇත

වාස්‌තු විද්‍යාවෙන් හෙළිවෙන ජීවන මගේ රහස්‌

වාස්‌තු විද්‍යාවෙන් හෙළිවෙන ජීවන මගේ රහස්‌

ඩී. යූ. සෙනරත්
විවශ්වාන් ගුරුකුල වාස්‌තු ශාස්‌ත්‍රඥ

වාස්‌තු විද්‍යාව යන වචනය ඇසූ පමණින් අප සිහියට නැගෙන්නේ ඉදිකිරීමේ ශිල්පිය නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පය යන්නයි. "වාස්‌තු" යන වචනය සංස්‌කෘතික භාෂාවෙන් ලද වචනයක්‌ වන අතර එහි අර්ථය "ගෘහය" නැතහොත් "නිවස" යන්නයි. වාස්‌තු ශිල්පය පිළිබඳව නූතනයේ විශාල උද්යෝගයක්‌ ඇතිවී තිබීම ඉතා සතුටට කාරණයකි. වාස්‌තු ශිල්පයේ විහිදී ගිය අතුපතර පිළිබඳව විශාල දැනුම් සම්භාරයක්‌ නූතනයේ නොතිබුණ ද වාස්‌තු යනු ගෘහ නිර්මාණ ශිල්පය යන්නයි, යන හුදු ලඝූ අර්ථයෙන් හෝ නූතන සමාජයේ නිවාස ඉදිකිරීමේ අවධානයට ලක්‌වී තිබීම අගේ කළ යුතුවේ.

වාස්‌තු ශිල්පය යන මාහැඟි ශිල්පීය ඥානය ලෝවැස්‌සන්ගේ හිතසුව පිණිස පෘථිවි තලය මත ජනිත කළේ ප්‍රඥව දියුණු කළ අතීතයේ විසූ සෘෂිවරුන් බව අප දන්නා කරුණකි. භාරත දේශය නැතහොත් බුදුවරු පහළ වන ජම්බුද්වීපයේ උපන් මෙම මාහැඟි ශිල්ප ශාස්‌ත්‍රයන් සියල්ල මේකල ලෝවාසීන්ගේ හිත සුව පිණිසම විය. බුදුවරුන් ජනිත කළ භාරත දේශයෙන් උපන් චතූර් විද්‍යාවන් හට අයත් වාස්‌තු ශිල්පය තුළින් එකල භාරතයේ ජනයා පමණක්‌ නොව පෙර අපරදිග සකල ලෝකවාසීන්ම විපුල ඵල නෙළා ගත් බව ඉපැරණි ග්‍රන්ථ පරිශීලනයේදී පැහැදිලි වේ. මෙකල බිහිවූ සෑම ශිල්ප ශාස්‌ත්‍රයක්‌ තුළින්ම සිදුවූයේ ලෝකයාහට සෙතක්‌ ශාන්තියක්‌ ඇතිවීමයි. එසේ වුවත් ලෝභ, ද්වේශ, මෝහ, අන්ධකාර පටල තුළින් මතුවන නව තාක්‌ෂණික ශිල්ප ක්‍රම මගින් ලෝකවාසීන්ම සිදුවී ඇත්තේ ඇත්තටම සෙතක්‌ ශාන්තියක්‌ ද යන්න පිළිබඳව අප වඩාත් හොඳින් විමසා බැලීම වටී. අතීතයේදී අධ්‍යාත්මික චින්තන හැකියාව තුළින් ලොවට ලබාදුන් වාස්‌තු ශිල්පය වැනි මාහැඟි ශිල්පයක්‌ තුළින් අපට ලබාගත හැකි ඵල ප්‍රයෝජන අතිමහත් වුවද අප එමගින් අල්පයක්‌වත් ලබා නොගන්නා බව නොරහසකි.

වාස්‌තු ශිල්ප තුළින් නිවසක්‌ ඉදිකර ගැනිමේ සිට නගර නිර්මාණය, උයන් වතු නිර්මාණය, විශාල වාරි නිර්මාණ , මංමාවත් නිර්මාණය, සොබා දහම තුළ සොබා දහමේ ශක්‌තීන් උපයෝගී කර ගනිමින් සිදුකරන්නේ කෙසේද යන්න පෙන්වා දී ඇත. විශේෂයෙන්ම මේ ලෝක ධාතුවේ ඇති සෑම ජීවී අජීවී වස්‌තුවක්‌ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතුන්ගේ එකතුවෙන් නිර්මාණය වී ඇති අතර, ආකාශ ධාතුව තුළ චලනය වේ. එනම් පංච මහා භූතයන් ලෙස ද මේවා හැඳින්වේ. මෙම බෙදීමෙන් ඉවත් කළ හැකි කිසිවක්‌ ලෝකයේ නොමැති බව ප්‍රත්‍යක්‍ෂ සත්‍යයකි. එබැවින් සත්ත්වයෙක්‌ මේ ලෝකයට ජනිත වන නිමේශයේ ඔහුගේ කුසල්, අකුසල්වලට අනුරූපිවන ශක්‌තීන්වලට අනුකූලව සතර මහා ධාතුන් එකලස්‌ව පවතී. මේ තුළ කිසියම් ජීවවී ශක්‌තියක්‌ පවතී. ජ්‍යෙdතිෂයට අනුව ජන්ම පත්‍රයේ ජන්ම නැකත ලෙස සඳහන් කෙරෙන්නේ උපතේදී ලබා ගත් ශක්‌තියේ තරමයි. මෙය අස්‌විද, බෙරන, කැති, රෙහෙන, පුවපල්, මුවසිරස යනාදී වශයෙන් නැකත් 27 කින් හඳුන්වනු ලබයි. නැකත යන වචනය පිළිබඳව නූතනයේ එතරම් පිළිගැනීමක්‌ හා විශ්වාසයක්‌ නොමැති කොටස්‌ සිටී. ඇත්තටම එම අවිශ්වාසය ගොඩනැගී ඇත්තේ නොදැනුවත්කම නිසාමය. නැකත කියූ පමණින් එය නොතේරුණත් ශක්‌තීන් යන වචනය යෙදූ විට එය පැහැදිලි වේ. නැකත යනු ශක්‌තිය යන වචනයෙන් ගැනෙන අර්ථයයි.

මේ ආකාරයට කෙනෙක්‌ උත්පත්තියේදී ජන්ම ශක්‌තිය ලැබෙන අතර එමගින් ඔහුගේ උපතේ සිට මරණය දක්‌වා සියල්ල පෙළගැසී තිබේ. ඒ ආකාරයටම අප විසින් ගොඩනගනු ලබන ගෘහයද සතර මහා ධාතූන්ගෙන් සමන්විත වී ඇති බැවින් එහි වර්ග වඩු රියන් ප්‍රමාණය මත නිවසේ ශක්‌තිය මැනිය හැක. එය නිවසේ නැකත ලෙස හඳුන්වයි. වාස්‌තුවේදී ගෘහ පිණ්‌ඩය ගෘහ හිමියාට සිහුම් කිරීම ලෙස සිදු කරනු ලබන්නේ ගෘහ මූලිකයාගේ ශක්‌තියට ගැලපෙන ලෙස සාදනු ලබන ගෘහයේ ශක්‌තිය එකිනෙකට ගලපා බැලීමයි. එවිට මෙම ශක්‌තීන් දෙක එකතුවීමෙන් යහපත් බලයක්‌ හෝ අයහපත් බලයක්‌ හට ගනී. නිවසේ බලය සහ ගෘහ හිමියාගේ බලය එකට එකතු වූ විට සම්පත්, පරම මෛත්‍රී, මෛත්‍රී, ක්‍ෂේම, සාධක, ජන්ම වැනි යහපත් බලගැන්වීම ඇතිවිය හැකි අතර සමහර විටක ප්‍රත්‍යාධාරී, වධ, විපත් වැනි අයහපත් බලගැන්වීම් සිදුවිය හැක.

මේ ආකාරයට වාස්‌තු ශිල්ප ක්‍රම උපයෝගීකොට ගෙන නිවසක උද්දීපනය වන බලයන් මිනුම් ගත කළ හැකිය. මෙම ගොඩනැගෙන බලයේ තරාතිරම තුළ එම නිවසේ ජීවත්වන නිවැසියන්ගේ ජීවන ගමන්මගේ තුන්කල් පිළිබඳ පුරෝකථනයන් සිදු කළ හැකිය.

මේ ආකාරයට නිවසක ද්වාර සටහන පිළිබඳ විමසීමේදී විශ්ව ශක්‌තිය සම්ප්‍රේෂණය වීමේ හැකියාවන් දුර්වල වීම හෝ තීව්‍රර වීම සතර දිsශාවන්ට අනුරූපීව තීරණය වන බව සඳහන් වේ. නිවසේ ද්වාර සටහන සෑම විටම නිවසේ ප්‍රධාන දිශාවන්ට පමණක්‌ අනුගත කොට දක්‌වන අතර ඒ අනුව නිවසේ ද්වාර සටහන් පිහිටවනු ලැබේ. සෑම විටම නිවසේ ප්‍රධාන දොරට සාපේක්‌ෂව නිවසින් පිටවීමේ අනෙකුත් ද්වාරයන් සක්‍රීයවීම සිදුවේ. ඒවා ද්වාර සටහන් ලෙස හඳුන්වයි.

1. උතුර + දකුණ } රිපුද

2. උතුර + බටහිර } නාශ

3. උතුර + බටහිර + නැගෙනහිර } ආක්‍රාන්ධ

4. උතුර + නැගෙනහිර } උග්‍ර

5. උතුර } දුර්මුඛ

6. නැගෙනහිර + දකුණ } නන්ද

7. බටහිර } බර

8. නැගෙනහිර + බටහිර } කාන්තා

9. නැගෙනහිර } ධාන්‍ය

10. උතුර + දකුණ + නැගෙනහිර } ධනද

11. උතුර + බටහිර + දකුණ } සුමුඛ

12. උතුර + දකුණ + නැගෙනහිර + බටහිර } විජය

13. බටහිර + දකුණ } මනෝරම්‍ය

14. දකුණ } ජය

15. උතුර + දකුණ + බටහිර } විපුල

16. උඩ දිසාව (ජදරාහ හ්රා) } උර්දුමුඛ

යනාදී වශයෙන් යහපත් හා අයහපත් ද්වාර සටහන් 16 ක්‌ දක්‌වා ඇත. මෙවැනි ද්වාර සටහන් සහිත නිවාස 100 ක්‌ පරීක්‍ෂා කළ හොත් නිවාස 80 කට වඩා මෙම ලක්‌ෂණයන් ගෙන් සමන්විත වන බව තහවුරු වේ. එයින් හැගෙන්නේ වාස්‌තු සිද්ධාන්ත අප දැනුවත්ව හෝ නොදැනුවත්ව සක්‍රීයව පවතින බවයි. නිවසේ නැගෙනහිර + දකුණ සහිත නන්ද ද්වාර සටහන නිර්වචනය ලෙස දක්‌වා ඇත්තේ "ස්‌ත්‍රී විනාශය" යන්නයි. මෙම නිවාසවල පොදු ලක්‍ෂණය වී ඇත්තේ නිවසේ ගෘහ මූලිකයා මරණයට පත්වීම, හැරයැම, සදාකාලික දුබලතා වැනි කරුණු සිදුවීමයි. ස්‌ත්‍රී විනාශම් ලෙස දක්‌වන ලද මෙම ද්වාර සටහන් බලපෑම් කරන්නේ පිරිමියා වෙතයි. එහි අහිතකර බලපෑම් ස්‌ත්‍රිය වෙත ලැබෙන බැවින් ස්‌ත්‍රී විනාශම් ලෙස දක්‌වා ඇත.

එමෙන්ම ප්‍රධාන ද්වාරයේ පියන එළියේ සිට අරින විට වම් පැත්තට විවෘත වීම හා දොර පියන නිවසින් පිටතට විවෘත වීම යනාදී කරුණු ද්වාර සටහන සමඟින් එකට දිවෙන දෝෂයන් ලෙස ක්‍රියාත්මකව පවතී. වාස්‌තුවේ සඳහන් කොට ඇති පරිදි විශ්ව ශක්‌තිය ඊශාන දිශාවෙන් නිවසට ඇතුළු වී බ්‍රහ්ම පාදයේදී එය උපරිම නිවස තුළ විහිදී නිරිත දිශාවෙන් පිටවීම සිදුවේ. මේ නිසා නිවසේ ඊශාන කොටස දුර්වල නොකොට නිදහස්‌ව පිරිසිදුව පවත්වා ගැනීම මෙන්ම නිවසේ මධ්‍ය ලක්‍ෂය නිදහස්‌ව හා පිරිසිදුව පවත්වා ගත යුතුවේ. එවිට විශ්ව ශක්‌තියේ යහපත් ප්‍රතිඵල නිවසට ලබා ගැනීමට හැකිවේ. ඊශාන දිශාව අවහිර කොට මධ්‍ය ලCෂ්‍යය දුර්වල වූ විට විශ්ව ශක්‌තියේ යහපත් ප්‍රතිඵල නිවසට ලබා ගැනීමේ අවස්‌ථා අහිමි වී යනු ඇත. මෙවැනි නිවාසවල පොදු ලක්‌ෂණ වන්නේ රෝගාබාධ බහුලවීම හා නිවසේ රැඳීමට නොහැකි වීමයි.

දිශානුගතකරණය වාස්‌තු ශිල්පයේදී යොදනු ලබන ප්‍රධාන ක්‍රම උපායක්‌ ලෙස සැලකේ. ද්වාර පිහිටුවීමේදී සතර දිශා යොදා ගත්තද ගෘහ අංග දිශානුගතකරණය කිරීමේදී අට දිශා යොදා ගනී. මෙම දිශා යොදා ගනිමින් නිවසේ පරිහරණය සීමාවන් ස්‌ථානගත කිරීම කළ යුතුය. මුළුතැන්ගෙය, ප්‍රධාන නිදන කාමරය, සාලය, විසිත්ත කාමරය වැසිකිළි, පඩිපෙල් බැල්කනි, ගබඩා කාමර, ළමා කාමර, අධ්‍යයන කාමර, ගරාජ ආදී වශයෙන් නූතන නිවසේ ගෘහ අංග ස්‌ථාන ගතකිරීම නිසි ලෙස සිදුකිරීම කළ යුතුය. අතීත නිවසේ පැවැති යම් යම් ගෘහ අංග නූතන නිවසේ දක්‌නට නොලැබෙන අතර නව ගෘහ අංග එකතු වී ඇත. එසේ වුවත් පරිහරණ කාර්යය අනුව ඒවා දිශානුගත ද කිරීම නිසි පරිදි සිදු කළ යුතුව ඇත. මෙසේ ගෘහ අංග දිශාවන් අනුව පිහිටීම තුළින් නිවසේ කටයුතු ඉතා පහසුවෙන් හා සැහැල්ලුවෙන් පවත්වාගෙන යැමේ හැකියාවක්‌ පවතී, එසේ නොවුන කළ නිවස තුළ අපහසුතාවයන් ගොඩනැඟේ. නිදසුනක්‌ ලෙස මුළුතැන්ගෙය සඳහා ගිණිකොණ හා වයඹ දිශාවන් ඉතාමත් සුදුසුවන අතර ඊශාන දිශාව ඉතා අයහපත්වේ. ගිනිකොණ වයඹ මුළුතැන්ගෙය පිහිටා ඇති නිවාස පරීක්‍ෂාවේදී ඉතා යහපත් ප්‍රතිඵල දැකිය හැකි අතර ඊශාන දිශාවේ මුළුතැන්ගෙය පිහිටුවා ඇති නිවසවල පොදු ලක්‌ෂණය වන්නේ ඉතා අයහපත් ප්‍රතිඵල ඇති කිරීමකි.

මේ ආකාරයට නිවසේ ප්‍රධාන නිදන කාමරය සඳහා ඉතාම සුදුසු දිශාව වන්නේ නිරිත දිශාවයි. එසේම ඉතා අයහපත් දිශාවන් ලෙස ඊශාන, ගිණිකොණ දිශා පෙන්වා දිය හැකිය. නිරිත දිශාවේ ඇති ප්‍රධාන නිදන කාමර භාවිතා කරනු ලබන ගෘහ හිමියන්ගේ පොදු ජීවන රටාව ඉතාමත් යහපත් වන අතර ඊශාන, ගිණිකොණ දිශාවෙ කල් ගෙවන අඹුසැමියන්ගේ පොදු ලක්‍ෂණය වන්නේ දරුඵල අහිමිවීම, සැකය, අඩදබර, අයුතු සම්බන්ධතා හා රෝග පීඩා බහුලවීම යන ලක්‌ෂණයන් බහුල වීමයි. එසේම ගිණිකොණ දිශාවේ මුළුතැන්ගෙය උඩ ප්‍රධාන නිදන කාමරය පවත්වාගෙන යන නිවාසවලද ඉහත ලක්‌ෂණ බලපා ඇත. ළමුන් සඳහා භාවිත කළ හැකි සුදුසුම දිශාවන් ලෙස උතුරු, ඊශාන පෙන්වා දී ඇති අතර, නිරිත, ගිණිකොණ දිශාවන් ඉතා අයහපත් බව පෙන්වා දී ඇත. අයහපත් දිශාවන්ගේ ස්‌ථානගත වී ඇති ළමා කාමර පරීක්‍ෂාවේදී ළමයින්ගේ අධ්‍යාපනය කඩා කප්පල්වීම හා නොමගයැම බහුල බව පෙනුණ ලක්‌ෂණ වන අතර ඊශාන දිශාවේ කල් ගෙවන ළමුන්ගේ අධ්‍යාපන හා සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණුවේ.

මේ ආකාරයට වාස්‌තු සිද්ධාන්ත යොදාගෙන විවිධ මානයන් තුළ නිවාස පරීක්‍ෂා කිරීමේ හැකියාවන් පවතී. නිවසක සකස්‌විය යුතු වාස්‌තු සිද්ධාන්ත රාශියක්‌ ඇත. එයින් ප්‍රධාන වාස්‌තු සිද්ධාන්ත ගලපා ගැනීම කළ යුතුම දෙයකි. ප්‍රධාන වාස්‌තු සිද්ධාන්ත 03 ක්‌ නොගැලපී යැම තුළ එම නිවස වාස්‌තු දෝෂයන්ට ලක්‌වීම සිදුවේ. විශේෂයෙන් වාස්‌තු මර්මස්‌ථාන 03 ක්‌ අයහපත් ලෙස යෙදීම තුළ ගෘහ හිමියාගේ මරණය පවා සිදුවීම දක්‌නට ලැබේ. කෙසේ වුවද කෙනෙකුගේ කර්ම ශක්‌තියේ, කුසල මූලයන් බලවත් නම් නිවසක වාස්‌තු දෝෂයක්‌ තිබුණද ඒවායේ බලපෑම ප්‍රබල නොවිය හැක. එහෙත් කර්ම ශක්‌තිය පිළිබඳව අනාවැකි ඵල කිරීමක්‌ හෝ ඒවා පිළිබඳව තේරුම් ගැනීමේ හැකියාවක්‌ නොමැති බැවින් සෘෂිවරුන්ගෙන් ලැබී ඇති මෙම මාහැඟි ශිල්පයේ ආරක්‌ෂාව ලබා ගැනීම අපට කළ හැකි දෙයකි. පුද්ගලයෙකු විසින් පරිහරණය කරන කරනු ලබන ගෘහය පිළිබඳ සිදුකරනු ලබන විධිමත් වාස්‌තු විශ්ලේෂණයකින් අනතුරුව එම පුද්ගලයාගේ අතීත, වර්තමාන, අනාගත ජීවන රටාව පිළිබඳව හා සිදුවීම් පිළිබඳව පුරෝකථනය කිරීමේ හැකියාව, වාස්‌තු විද්‍යාව තුළ පවතී. එසේ හෙයින් මෙම වාස්‌තු ශිල්පය හුදෙක්‌ නිවාස ඉදිකිරීම හා සම්බන්ධ විෂයයක්‌ පමණක්‌ නොවන අතර පුද්ගලයාගේ ජීවනමගේ තුන්කල් කිව හැකි මාහැගි විෂයක්‌ ලෙස භාවිත කළ හැකි බව මනාව පැහැදිලි වේ

නිවසේ සතුට-ධනය-බලය ‍රැකෙන සෞභාග්‍ය කැන්දන වාස්තු විද්‍ය රහස්

නිවසේ සතුට-ධනය-බලය ‍රැකෙන සෞභාග්‍ය කැන්දන වාස්තු විද්‍ය රහස්...


ඉන්දියානු වාස්තුවිද්‍යාවරයෙකුවන ජය ප්‍රකාශ් ශර්මාගේ පොතක තමයි මේ උපදෙස්ටික තිබුනේ. කියවලා බලන්න. ප්‍රයෝජනවත් වේවි කියලා හිතෙනවා..
1.නිවසක් සැදිමේදි ඉඩමක් ‍තෝරාගැනිමේදි සැම විටම හත‍රැස් ලෙස පිහිටවන්නා වු චතුරස්‍ර භුමිය වාසයට වඩා සුදුසු වේ. මෙම ඉඩම් ආර්ථිකය වර්ධනයට මෙන්ම ධන වසනාව වැඩි කිරිමටද උපකාරිවේ.
2.උතුරු දිශාවට බැවුම් ඇති භුමිය ඉතා වසනාවන්ත එකකි.
3.නිවසක දොර ජනේල දෙකෙහි එකතුව ඔත්තේ සංඛ්‍යාවක් විම ශුභය.දොර උළුවහු ගනන ඔත්තේ ගනනක් විමද,ජනේල ගනන ඉරට්ටේ සංඛ්‍යාවක් විමද ශුභය.එහෙත් ඒ දෙකෙහි එකතුව 17ක් විම අශුභය.
3.නැගෙනහිර,දකුණ,බටහිර යන දිශාවලට ප්‍රධාන දොර තබා සාදන නිවෙස් දිනෙන් දින දියුණුවට පත්වේ.
4.උතුරට,දකුණට,නැගෙනහිරට,බටහිරට මෙම දිසා හතරටම පිවිසුම් දොර‍ටු නිර්මාණය කර ඇති "විජය" වර්ගයේ නිවාස තුල ධන සම්පත් නිරන්තරයෙන් ‍රැදෙන සෞභාග්‍යමත් නිවසක්වේ.
5.නිවසක මුල්ගල තැබිමේදි මුල්ම මුල්ගල ඊශාන දිශාවෙන් තැබිම සුභය.
6.නිවසේ උතුරේ හෝ ගිනිකොණ පෙදෙසේ වතුරමලක් පිහි‍ටුවාලිමෙන් ධන වාසනාව වැඩිවේ.
7.නිවසක මැද කොටසේ ජලයට සම්බන්ද කිසිදු දෙයක් නොතැබිය යුතුය.(මාළු ටැංකි,වතුර මලක්,පොකුණක්)
8.වයබ දිශාවේ දේවරුප තැබිමෙන් දෙවියන්ගේ ආශිර්වාදය වැඩිපුර ලැබේනු ඇත.
9.නිදන කාමරය තුල කිසිවිටක දේවරුප ,බුදුපිළිම ආදිය තබා ගන්න එපා.
10.නිවසේ කුණු රොඩු අතුගාන විට ඉදිරි දොරකඩ සිට ඇතුලට අතුගාගෙන යන්න.නිතරම අතුගාන්නේනම් එම නිවසේ මුදල් ඉතිරි කිරිම තරමක් අපහසු වනු ඇත.
11.පිච්චිගිය බල්බ් කිසිවිටක ගේ ඇතුලේ තබා ගන්න එපා.
12.ඔබගේ කුණු බාල්දිය සැම විටම(විශේසයෙන් රාත්‍රි කාලයේදි) නිවසින් පිටත තබන්න.නිතරම මුඩියක් සහිත කුණුබාල්දියක් බාවිතා කරන්න.
13.නිවසේ ලිප යනු ධනයේ සංකේතයයි. එම නිසා නිතරම ලිප පිරිසිදුව තබන්න.
14.නිවස තුල නිතරම රණ්ඩුසරුවල් ඇතිවේනම් ලෙමන් හෝ රොස්බෙරි සුවද විලවුන් ජලයට මිශ්‍රකර ස්ප්‍රේ කරන්න.
15.නිවසේ කැඩුනු බිදුනු දේ ආදි කුණු කන්දල් විසිකර පුළුස්සා දමන්න. එවිට මුදල් ඉතුරුවද අඩදබරද නිතර රෝගාබාද ඇතිවිමද අඩුවි යනු ඇත.
16.පවුලේ සමිපබව වැඩි කර ගැනිමට සාලයට කහ පාට ආලේප කරන්න.
17.ඔබගේ විවාහය පමාවේ නම් සාලයේ නිරිතදිග කොටසේ ප්‍රේමාන්විතව වැළදගෙන සිටින යුවලකගේ කළාත්මක රුපයක් හෝ කුරුළු ජොඩුවකගේ රුපයක් එල්ලන්න.
18.නිදන කාමරයේ ඇද පරාවර්ථනය වි පෙනෙන ආකාරයට කන්නාඩි මේසය නොතබන්න.
19.ජලයට සම්බන්ද කිසි දෙයක් නිදන කාමරය තුල නොතබන්න.
20.ඔබගේ දරුවා ඉතා දගකාරනම් එම දරුවාගේ කාමරයට ලා පාටක් ආලේප කරන්න.
21.නිදන කාමරයේ රුපවාහිනි ආදිය තබා ඇත්නම් නින්දට යාමට පෙර එය රෙද්දකින් ආවරණය කරන්න.
22.විවාහක යුවලක් නිදාගැනිම සදහා පාවිච්චි කල යුත්තේ එකම ඇදක එකම මෙට්ටයක් පමනි. මෙට්ට දෙකක් හෝ ඇදවල් දෙකක් එකට ලංකොට ඒ මත දෙදෙනා නිද ගැනිමෙන් වලකින්න. මේසේ කිරිම ඉතා අශුභ වේ.
23.මකුළුදැල් යනු මුදල් ශක්තිය එකතැන පල්විමේ ක්‍රියාවලිය වනගන්වන්නකි. ඉම නිසා මකුළු දැල් තිබිම ඉතා අශුභය.
24.වැසිකිළියේ කොමඩය නිතරම වසා තබන්න.ෆ්ලෂ් කරන විටදි පියන වසා ෆ්ලෂ් කරන්න.
25.කුඩා මුට්ටියකට සම්පුරනයෙන් කාසි පුරවා නිවසේ බටහිර පෙදෙස පිරිසිදු කර එහි තබන්න. මෙම මුට්ටිය රතුපාටින් ආලේප කරතැබිම වඩාත් සුදුසුය. ධනය වර්ධනය වේ.
26.ජල කරාම තුලින් ජලය කාන්දුවේනම් එය ඉක්මනින් පිලියෙල කරන්න. ජලය කාන්දුවිමක් යනු ධනය කාන්දුවිමකි.
27.නිවසේ ඉදිරි ප්‍රදාන දොරට ගෙට්‍ටුව කෙලින්ම පිහිටා තිබිම අශුභය.
28.නිවසේ සියළු ඔරලෝසු ක්‍රියාකාරි ඒවා විය යුතුය. අක්‍රිය ඔරලෝසු ඇත්නම් ඒවා පිලිසකර කරන්න. එසෙ කිරිමට නොහැකිනම් එව ඉවත් කරන්න. ඔරලොසුව ඔබගේ මුල්‍ය වර්ධනය පෙන්නුම් කරයි.

වාස්තු විද්‍යාව

වාස්තු විද්‍යාව

මා විසින් නව නිවසක් සෑදීම කටයුත්ත මීට ටික කලකට ඉහතදී ආරම්භ කල බව මීට පෙරද පවසා තිබේ. මෙම ලිපිය ලියැවෙන්නේ එම කටයුත්තේදී මා විසින් උගත් යම් වාස්තු විද්‍යාව රහස් කිහිපයක් පිළිබඳවය.

කොළඹ රටේ ඇත්තෝ වාස්තු විද්‍යාව කෙරෙහි එතරම් සැලකිල්ලක්, උනන්දුවක් නොදක්වති. එසේම විශ්වාසද නොකරති. නමුත් එහි යම් යම් සත්‍යතාවක් ඇතැයි මට හැඟේ. එ නිසා මා එය ඉගෙනීමට උත්සාහ වන්නට විය. මෙහි එන කරුණු බොහොමයක් මා පොත පතින් උගත් දෑය.
වාස්තු යනු සංස්කෘතික වචනයකි. යෝග, ආයුර්වේද හා ජෝතිෂ්‍යය වැනිම වාස්තු ද ඉන්දියාවේ උපත ලද්දක් ලෙස සැලකේ. මෙහිදී වාස්තු විද්‍යාව හා ජෝතිෂ්‍ය විද්‍යාව අතර අනොන්‍ය බැඳීමක් ඇති බව බොහෝ ප්‍රසිද්ධ කරුණකි. ඉතා ඈත අතීතයේදී මෙම විද්‍යාව සම්බන්ධව උපදේශකවරුන් 18 දෙනෙකු සිටි බවට "අග්නි පුරාණ" නම් ග්‍රන්ථයෙහි සඳහන් වේ.





එම 18 දෙනා මෙසේ දැක්විය හැකිය.
  1. භෘගු 
  2. අත්‍රි 
  3. වසිෂ්ට 
  4. විශ්වකර්ම 
  5. මය 
  6. නාරද 
  7. නග්නජිත් 
  8. විශාලාක්ෂ 
  9. පුරන්දර 
  10. බ්‍රහ්ම 
  11. කුමාර 
  12. නන්දිශ 
  13. ශෞනක 
  14. ගර්ග 
  15. වාසුදේව 
  16. අනීරුධ 
  17. ශුක්‍ර 
  18. බ්‍රහස්පති

එලෙසම වාස්තු විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් 3ට බෙදිය හැකිය.
  1. නිවාස සඳහා වාස්තු
  2. බාහිර ස්ථාන සඳහා වාස්තු
  3. පොදු/පූජණීය ස්ථාන සඳහා වාස්තු


මෙම ලිපි පෙල ලියැවෙනුයේ නිවාස සඳහා වාස්තු යන කොටස සම්බන්ධයෙනි

මූ දේවිය පලවා හැර ශ්‍රී දේවිය නිවෙසට කැන්දන්නේ මෙහෙමයි……



ලක්‍ෂ්මී දේවියගේ ඇල්ම බැල්ම නිවෙසට ලැබීමෙන් සතුට, ධනය, සම්පත්තිය පිරී ඉතිරීයයි. ඇය සෞභාග්‍ය උදාකරවන තැනැත්තියයි. එමෙන්ම නිවෙසේ සිරිදුව කාන්තාවයි. ඇගේ සියලු යහපත් ක්‍රියාකලාපයන් මත නිවෙසට සෞභාග්‍ය උදා කරවීමට හැකිය. මේ අයුරින් ඔබේ නිවෙසේ සෞභාග්‍ය ඇති කරවන කරුණු කාරණා පිළිබඳ තවදුරටත් විමසා බලමු.
Maha Lakshmi
නිවෙසක සියලු ක්‍රියාවන් මවගේ දායකත්වය මත සිදු වන්නකි. ඇයගේ දින චර්යාව, සිතුම් පැතුම් මත පවුලට නිසි මඟ පෙන්වීමක්ද ලැබෙයි. සැමියාගේ හා දරුවන්ගේ කාර්යයන් හමුවේ ඇය කාර්යබහුල වන්නීය. ඇයගේ නිසි පැවැතුම් හමුවේ නිවෙසේ සෞභාග්‍ය රදා පවතින්නේය. ලක්‍ෂ්මී දේවියගේ ආරක්‍ෂාව ලැබෙන්නේය.
ඇය අලුයම පිබිදී අලස නොවී කාර්යශූරව නිවෙසේ කටයුතු ආරම්භ කළ යුතුය. නිවෙස තුළ ඉතා පිරිසිදු මෙන්ම නිදහස් බවක් ඇති කර ගත යුතුමය. පලුදු වී කැඩුණු භාණ්ඩ නිවෙසින් ඉවත් කිරීම මෙන්ම බිත්ති කුහර (සිදුරු) වසා දැමිය යුතුය. මකුළු දැල් කඩා නිවෙස පවිත්‍රව තබා ගත යුතුය. ලක්‍ෂ්මී දේවියගේ පිහිට ආරක්‍ෂාව ලැබෙනුයේ මෙවැනි නිවෙස්වලටය. එමෙන්ම දර ළිපක දර පිසිවත් සෞභාග්‍යයේ ලක්‍ෂණයකි. ලුණු පොල් කටුව කිසි දිනක හිස් වීමට ඉඩ නොතබන්න. ලුණු මෙන්ම කහද නිවෙසක තිබිය යුතුමය. එය නිවෙසට වාසනාව උදා කරයි.
ඔබ යහපත් කාන්තාවක් නම් දිනකට එක් අයකුගේ හෝ කුසගින්න නිවීමට දායක වන්න. තමා පිසින ආහාරයෙන් කොටසක් සත්ත්වයන්ට යාචකයකුට දානයක් ලෙස පිළිගැන්විය හැකිය.
අතීතයේ ගැමියන් සිය අස්වැන්න ගැනීමෙන් පසු අලුත් සහල් පළමුව බුදුන්ට පූජා කෙරිණි. තම නිවෙසට සිරිකත වඩිනුයේ එලෙස දාන දීමෙනි. ව්‍යාපාරිකයකු හෝ කවුරුන් හෝ වේවා තමා උපයන දෙයින් යම් කොටසක් පිදිය යුතුය. (දෙවියන්ට, බුදුන්ට හා යාචකයන්ට) තමා සතු ධන ධාන්‍ය වඩා වර්ධනය වී සශ්‍රිකවීමට නම් වැඩි වැඩියෙන් දිය යුතුය.
නිවෙසේ සිරිදුව, කාන්තාවය. ඇය සෙනෙහෙවන්ත විය යුතුය. මව ලක්‍ෂ්මී දේවියමෙන් සෞම්‍යවත්. පියා විෂ්ණු දෙවියන් මෙන් සත් පුරුෂවත්ව සිටින්නේ නම් දරුවන් නිතැතින්ම වාසනාවන්තය. දරුවාට සෙනෙහසින් ඇමතීම කරුණාව දැක්වීම මත යහපත් දරුවන් බිහි කරයි.
පති කුලයට පිවිසි කත ලක්‍ෂ්මිය මෙන් සෙනෙහෙවන්ත විය යුතුය. එවිට ඇයට විවාහ දිවියේ අගතැන්පත් විය හැකිය. ඇය නිවෙසට සෞභාග්‍ය කැන්දන සිරිකතක් විය යුතුය.
කර්යෙසුු වන්ත්‍රි – කරණෙසු දක්‍ෂි
රූපෙසු ලක්‍ෂ්මි – සවයාන්ත රඥා
සෙනසහෙසුු වාතා – ශයනෙසු වෙශ්‍යා
පඩිහිසතු නාරි – කූලවුද් භවන්ත්‍රි
අර්ථය – බ්‍රහස්පතිට සමාන ක්‍රියාශීලී බවින් යුක්ත වූයේද ලක්‍ෂ්මී හා සමාන රූපශ්‍රියෙන් යුක්ත වුයේද මව හා සමාන සෙනෙහසින් යුතු වේද. තම සැමියාට ආදරයෙන් කරුණාවෙන් සලකයිද එවැනි වාසනාවන්ත කාන්තාව කුලය බබළවන ලක්‍ෂ්මියක් වන්නේය. ශ්‍රී දේවියගේ ලක්‍ෂණ එලෙස සඳහන් කළ හැකිය.
මූ දේවියගේ ලක්‍ෂණ මෙසේය.E45
විවාදශීලී සම වුර්බ වාසිනී
පරානුකූලී පරවාද භාසිනී
අත්‍යාශිනී අන්‍ය ගෘහ ප්‍රවේශිනී
ත්‍යප්්‍යන්තු නාරි දස පුත්‍ර සුතං’
නිතර වාද විවාද කරන උඩඟු, අනුන්ගේ නිවෙස්වලට නිතර ගමන් යන නිතර කෑම කන ස්ත්‍රිය දරුවන් 10 ලැබුවත් සුදුසු භාර්යාවක් නොවන්නේය. එලෙස ඔබත් මූ දේවියක් නොවෙමින් ශ්‍රී දේවියක්ව නිවෙසට සිරිදුවක් වන්න. එවිට ලක්‍ෂ්මී දේවියගේ පිහිට රැකවරණ මෙන්ම සෞභාග්‍යද ඔබට උදා කරනු ඇත. යහපත්
දරුවන් බිහි කරමින් සමාජයම
සුමඟට යොමු කිරීමට දායක වන්න.
උපදේශනය- ප්‍රවීන ජ්‍යෝතිර්වෙදිනී  චින්තා වික්‍රමසිංහ