Saturday, June 21, 2014

වාස්තු විද්‍යාව

වාස්තු විද්‍යාව

මා විසින් නව නිවසක් සෑදීම කටයුත්ත මීට ටික කලකට ඉහතදී ආරම්භ කල බව මීට පෙරද පවසා තිබේ. මෙම ලිපිය ලියැවෙන්නේ එම කටයුත්තේදී මා විසින් උගත් යම් වාස්තු විද්‍යාව රහස් කිහිපයක් පිළිබඳවය.

කොළඹ රටේ ඇත්තෝ වාස්තු විද්‍යාව කෙරෙහි එතරම් සැලකිල්ලක්, උනන්දුවක් නොදක්වති. එසේම විශ්වාසද නොකරති. නමුත් එහි යම් යම් සත්‍යතාවක් ඇතැයි මට හැඟේ. එ නිසා මා එය ඉගෙනීමට උත්සාහ වන්නට විය. මෙහි එන කරුණු බොහොමයක් මා පොත පතින් උගත් දෑය.
වාස්තු යනු සංස්කෘතික වචනයකි. යෝග, ආයුර්වේද හා ජෝතිෂ්‍යය වැනිම වාස්තු ද ඉන්දියාවේ උපත ලද්දක් ලෙස සැලකේ. මෙහිදී වාස්තු විද්‍යාව හා ජෝතිෂ්‍ය විද්‍යාව අතර අනොන්‍ය බැඳීමක් ඇති බව බොහෝ ප්‍රසිද්ධ කරුණකි. ඉතා ඈත අතීතයේදී මෙම විද්‍යාව සම්බන්ධව උපදේශකවරුන් 18 දෙනෙකු සිටි බවට "අග්නි පුරාණ" නම් ග්‍රන්ථයෙහි සඳහන් වේ.





එම 18 දෙනා මෙසේ දැක්විය හැකිය.
  1. භෘගු 
  2. අත්‍රි 
  3. වසිෂ්ට 
  4. විශ්වකර්ම 
  5. මය 
  6. නාරද 
  7. නග්නජිත් 
  8. විශාලාක්ෂ 
  9. පුරන්දර 
  10. බ්‍රහ්ම 
  11. කුමාර 
  12. නන්දිශ 
  13. ශෞනක 
  14. ගර්ග 
  15. වාසුදේව 
  16. අනීරුධ 
  17. ශුක්‍ර 
  18. බ්‍රහස්පති

එලෙසම වාස්තු විද්‍යාව ප්‍රධාන වශයෙන් කොටස් 3ට බෙදිය හැකිය.
  1. නිවාස සඳහා වාස්තු
  2. බාහිර ස්ථාන සඳහා වාස්තු
  3. පොදු/පූජණීය ස්ථාන සඳහා වාස්තු


මෙම ලිපි පෙල ලියැවෙනුයේ නිවාස සඳහා වාස්තු යන කොටස සම්බන්ධයෙනි

No comments:

Post a Comment